Thursday, June 28, 2018

ආදරය කරන්න. ආදරය ගැන හොදින් දැනගෙන.....

ආදරය කරන්න. ආදරය ගැන හොදින් දැනගෙන..... 

         අපි ආදරය කරන්න ඕනේ ආදරේ කියන වචනේ හරි තේරුමක් දැනගෙන බන්. මම අද කියන්න හදන්නේ ආදරේ කියන්නේ මොකක්ද?. ආදරේ කරන්න ඕනේ මොන වගේ කෙනෙක්ටද?. ආදරය විදින්නේ කොහොමද? කියන මෙන්න මේ වගේ සාමාන්‍ය තොරතුරු ටිකක්. දකින කොටම උබට හිතෙයි මොන මගුලක්ද මේ කියලා. පොඩ්ඩක් කියවලා බලපන් මොකක්ද මේ කියන්නේ හදන්නේ කියලා. මොහොතක් හිතලා බලපන් උබත් මෙහෙමද හිතන්නේ කියලා. උබගෙත් අදහසක් තියෙනව නම් කියපන් මම අහගෙන් ඉන්නේ උබත් කියන කතා මොනවද කියලා.


     හරි. අපි දැන් කතාව පටන් ගනිමු. ආදරය.... මිනිස්සු ස්භාවයෙන් ම කැමතියින් නෑ බන් තනියම ජීවත් වෙන්න. ඒ නිසා සාමුහික වෙනවා. එතකොට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ඇතිකරගන්න අන්න ඒ බැදීමට දැනෙන හැගීමට ලස්සන නමක් හොයාගෙන තියෙනවා. ඒ නම තමයි ආදරය කියලා කියන්නේ කිව්වොත් උබත් ඒකට එකග වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔහොමයි මේ ආදරය පටන් ගන්නේ. 

        රොමියෝ ජුලියට්, සාලිය අශෝකමාලා, රාධා ක්‍රිෂ්ණා මෙන්න මේ  වගේ ලස්සන ආදර කතා ගැනත් සමහර විට උබ මටත් වඩා හොදට දන්නවා ඇති. අපි ආදරය කරන කොට මේ  වගේ ලව් හිස්ටෝරිවලින් සමහර දේවල් ගන්නවත්නේ බන්. ඉතින් ඒ නිසා මම ඒ කතා කරන එක උබට විහිලුවක් වෙයි. මම කල්පනා කරා උබට අද වෙනස් දෙයක් කියන්න. ඒ තමයි අපි අදරය කරන විදියත් සම්මානනීය ආදර කතා අතරත් තියෙන වෙනස කොච්චරද්ද කියලා කියන්න.   

    අපි ඇත්තම කතා කරොත් ආදරය කරන කෙනා ම නෙවෙයිනේ බන් බදින්නේ. පළවෙනි ආදරේ ළග නෙවෙයි නතර වෙන්නෙත්. හැමෝම මෙහෙම කියන්න හදනවා නෙවෙයි මම. බහුතරයක් මේ වගේ. ඉතින් මෙහෙම වෙන්න හේතුව පොඩ්ඩක් හිතලා බැලුවද?. සමහර විට මෙහෙම කිව්වම උබ බනියි. ඒත් මම මේක කියන්නම ඕනේ බන්. දකින දකින කෙල්ලට ඇතිවෙන්නේ ආදරයක් නෙවෙයි බන්. ඒක ඇත්තට ම කිව්වොත් මානෝවිද්‍යාවට අනුව මානසික ලෙඩක්. කෙල්ලටත් මේක ඒ වගේ ම ආදලයි.    

         කොල්ලො ළග කෙල්ලො බඩුවක් වෙන්නේත්, කෙල්ලො ළග කොල්ලො පාත්තයෙක් වෙන්නෙත් මෙන්න මේ කියන ආදරය හරියට නොදන්නාකම නිසා කිව්වොත් උබ මගේ කතාවට එකග වෙයන්. මොකද ඒක ඇත්ත නිසා. කේල්ලේ උබ කැමති නෑ නේද බඩුවක් වෙන්න. අම්මා උබව රජෙක් කරේ කෙල්ලො ඉස්සරහ පාත්තයෙක් වෙන්න නෙවෙයි කොල්ලෝ. එහෙනම් කරන්න ඕන දේ තමයි උබ අදවත් මේක හොදට දැනගන්න එක.

       අපි ඉස්සලා ම හිතන්න ඕනේ බන් උබ කවුද කියන එක. ඉස්සල්ලා ම උබ තුළින් උබ දකින්න ඕනේ. උබ මොන වගේ කෙනෙක් ද කියලා උබ තේරුම් ගන්න ඕනේ.ඊට පස්සේ උබගේ අදහස්වලට පොඩ්ඩක් හරි නෑදෑකම් කියන කෙනෙක්ව තෝරගත්තොත් තමයි උබට ගමන යන්න ලේසි. කෙනෙක්ව තෝරගත්තට පස්සෙ උබ ආදරය කරපන්. ආදරයෙ තියෙන මිහිරියාව විදගනින්. ඒ අතරතුර උබට කරන්න ලොකු දෙයක් තියෙනව බන්. අදරය කරන කොට අපි හැමෝට ම අමතක වෙන්නේ, බැරිවෙන්නේ, වැරදේනේ, වරද්ද ගන්නේ මෙන්න මතන බන්. 

      උබලා දෙන්න ඇත්තට ම දෙජාතියෙන් දෙන්නෙක්නේ බන්. එතකොට මිහිරියාව වැඩී වගේ ම තමයි ප්‍රශ්නත් වැඩී කියලා අමතක කරන්න එපා.   ප්‍රශ්න එනකොට උබලා අතර තියෙන මුනුමුනුව අඩුවෙනකොට උබලට ම උබලව එපා වෙන්වා. එතකොට උබලා දෙන්න ම හිතන්නේ වෙන තැනක නතර වුනා නම් හොදයි කියලා. ඉතින් උබල දෙන්න ම යන්න ම යනවා කිසිත් නොදන්නා ගානට. ඒ වෙනකොටත් කෙල්ලේ උබට උගෙන් වෙන්න ඕනේ දේවල් වෙලත්. ඒත් සමහර වෙලාවට උබට ගානක් නෑ. උබ හොයන්නෙත් වෙන සරණක්. පොඩ්ඩක් හිතල බලපන් මෙහෙ ම වෙනකොට උබලා කොච්චර පිරිහිලාද. උබලා උබලට ම කොච්චර නැති වෙලාද කියලා. හ්ම්ම්... 

         උබට ඕනේ වෙන සරණක්නේ. උබේ යෞවනත්වයත් එක්ක උබ වෙන සරණක් හොයා ගන්න ගොඩක් ම ලේසි. උබ ඌ එක්ක ඉන්නෙත් ටික කාලයයි. එන ප්‍රශ්නවලට උබලට මුහුණ දෙන්න උබට ම ශක්තියක් නෑ බන්. උබලා දන්නේ නෑ ඒ ප්‍රශ්න විසදගන්න. උබලට බෑ ඒ  දේවල්වලින් ජය ගන්න. ඉතින් උබල දන්නෙ ප්‍රශ්නවලින් පැනලා යන්න. උබලා දන්නෙත් නෑ. උබ මේ වෙනකොට කෙල්ලෙක් නම් බඩුවක්. කොල්ලෙ නම් ?..... ඉතින් උබල එතනින් නවතින්නේ නෑ. උබලා බැන්දත් ඕක ම තමයි කරන්නේ. 

        එක පැත්තකින් උබලගේ ළමයි දුක් විදිනවා. තව පැත්තකින් උබලගේ දෙමවුපියෝ දුක් විදිනවා. ඒ විතරක් ද උබල මෙහෙම වෙනකොට රට කොයි අතට ද යන්නේ. මෙවා ගැන හිතපන් බන්. සමාජයක් ඉදිරියේ වැරදිකාරයෝ වෙලා රටට ණයකාරයෝ වෙලා. අවසනයේ උබලා උබලට ම සාප කරගන්නවා බන්. බලපන්කො ආදරය කොයි අතටද යන්නේ කියලා.මේ හැම දේටම විසදුම් තියෙනවා කියලත් අමතක කරන්න එපා. නොගැලපෙන  දේවල් අපි ඉස්සරහට එනකොට උබට පුලුවන් නම් ඒ දේවල් ගලපාගන්න උබ දිනන්න මුලික අඩිතාල ම දාගෙන. අතේ ඇගිලි දෙකක් නැත්නම් එක වගේ උබ කොහොමද හොයන්නේ උබ වගේ ම කෙනෙක්. ජීවත් වෙනකොට මේ මහ පොළොවේ රස්නේ දැනෙන්න ඉස්සල්ලා ම පොළොවේ පයගහපන්. 

            ප්‍රශ්න ඇතිවෙනකොට දාලා යන එක නම් නෙවෙයි ආදරේ කියන්නේ. සිදුහත් කුමාරයා යශෝදරාව එකපරක් දෙපාරක් නෙවෙයි අතාරින්න උනේ. සාරාසංකෙයිය කල්ප ලක්ෂ  4ක්. ඒ වුනත් යශෝදරාව හැම ආත්මයේම ප්‍රාර්ථනා කලේ සිදුහත් කුමාරයා මිසක් වෙන කවුරුත් නෙවෙයි. තෙරුම් ගනින්. 

        අවංක අදරයට කරන්න බැරි දෙයක් නෑ කියලා. කන්නගීට මුලු පඩිරට ම ගින්නෙන් දවාලන්නට හැකි වුනේ අදරේ නාමයෙන්. සොත්ථීසේන රජතුමාගේ කුශ්ඨ රෝගය සුවකර ගැනීමට හැකියාව ලැබෙන්නේද සම්බුලා  දේවියගේ ආදරයේ බලමහිමයෙන් කියලා හොදට මතක තියාගනින්. ඉතින් ඒ නිසා ප්‍රශ්නවලදී පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙයන්. එහෙම දෙයක් ඇති වෙන්න මොකක්ද වුනේ කියලා අතීතයට ගිහින් හොයලා බැලුවට පාඩුවක් වෙන්නේ නෑ බන්. එහෙම වෙලාවට  අනිත් කෙනා කියන දේ අහන්න මැලි වෙන්න එපා බන්. ඒ මැලිකම, ඒ   තදකම සදහටම උබේ ජීවිතය වෙනස් කිරීමට හේතුවක් නොවෙන්න බැරි නෑ. ඒ නිසා ඉවසන්න පුරුදු වෙයන්.  

        ආදරේදී එකිනෙකා අතර විශ්වාසයක් තියෙන්න ඕනේ බන්. ඒක අති වෙන්නේ අවංක ආදරයත් එක්ක. උබලට ම තමයි ඒ දේ ඇතිකරගන්න පුලුවන් වෙන්නේ. කොල්ලො, උබට පුලුවන් වෙන්න ඕනේ උබේ කෙල්ල කොහේ හරි ගිහින් එනකම් හිතේ සැනසිල්ලේ ඉන්න. ඒක ඒ විදියට ම කෙල්ලටත් පොදුයි. ඒ විශ්වාසය ඇතිවෙන්නේ උබේ ම කල්ක්‍රියාවත් එක්ක. උබ ඒකිට බොරුවක්, වංචාවක්, කපටිකමක්,රැවටීම කරලා නැත්නම් ඒකී කවදාවත් උබව අවිශ්වාස කරන්නෑ බන්. ඒක තමයි ඇත්ත  උබත් මාත් පිළිගන්න. 

        විශේෂම දේ තමයි උබට පුලුවන් වෙන්න ඕනේ සතුටෙදි  වගේ ම දුකේදීත් ඒකිගේ ළගින් ම ඉන්න. ඒකීට දැනෙන්න ඕනේ ඒකීගේ ජීවීතේ හීරෝ උබ කියලා. ඒ තත්වේ හදාගන්න ඕනේ මම නෙවෙයි උබම. දුකක් කරදරයක් ආවම ඒකීගේ හිතහදන්නෙත් වෙන එකෙක් නම් එතන ප්‍රශ්නයක් කියලා අමතක කරන්න එපා. මේ දේ කෙල්ලටත් පොදුයි. තනිකරන්න එපා කවුරුවත් ම. වීශේෂයෙන් දුක වේදනාවක් දැනෙනකොට උබට පුලුවන් නම් ඒ දුක බෙදාගන්න උදවු වෙන්න උබ දිනුම්.

      මේ වගේ දේවල් උබ උබේ ජීවිතේ හදාගත්තොත් උබ දිනලා ඉවරයි. මොකද සල්ලි, වගේ ම මනුස්සයෙකුට මානසික සතුටත් අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක ඇති වෙන්නේ ආදරයක පහස විදින, ආදරයක මිහිර දැනෙන මනුස්සයෙකුට. මම එහෙම කිව්වේ මහන්සි වෙලා ගෙදරට එනකොට හිනා වෙලා තමන්ගේ  ඒ මහන්සිය නිවන්න පුලුවන් හැකියාවක් ලැබෙන්නේ එහෙම කෙනෙක් ඉන්නකොට නෙවෙයි ද කියලා උබ ම හිතලා බලපන්.  

Saturday, June 16, 2018

කෙල්ලෙක් කොල්ලෙක් නම් බැලිය යුතුම දෙයක්....

කෙල්ලෙක් කොල්ලෙක් නම් බැලිය යුතුම දෙයක්....


       අපි ගොඩක් අමාරුවෙන් තමයි අපිට ම කියලා හොද අන්න්‍යතාවයක් හදා ගන්නේ. ඒක මම වගේම උබත් හොදට දන්නවා. අපි මේ හදා ගත්ත හොද නාමයට කැලළක් වෙන්න යන තැනක් උබට මතක් කරන්නයි මම අද උබගෙන් විනාඩි 5ක් වෙන් කරේ.

         
         ආදරේ කියන්නේ අපි හැමෝට ම ඕන සහ විදින දෙයක් කිව්වොත් උබත් හරි අපුරුවට ඒකට එකග වෙන බව මම දන්නවා. ඉතින් අපි ඒ අදරේ විදින්න ඒකට ම සුදුසු තැන් හොයාගෙන යනවා බන්... ඒ තමයි උබත් මමත් දන්න ඇත්ත කතාව. සමහර වෙලාවට ගාර්ඩින් වලට යනවා, බීජ් යනවා, ෆිල්ම් බලන්න යනවා. මෙන්න මේ වගේ නිදහස් පරිසරයවල් හොයා ගෙන යන්නේ ඒ ආදරේ විදින්න සුදුසු වතාවරනයක් හදාන්න බව මම දන්නවා උබත් ඒ කාරණය හැන හොදින් දන්නවා කියලා . ඒත් උබටත් මටත් හරි අපූරූවට අමතක වෙන දෙයක් මේ ඇතුලේ හැංහිලා තියෙනවා කියලා අමතක කරන්න එපා යලුවේ...  

       තමන්ගේ කොල්ලා එක්ක කොහෙ හරි මුල්ලකට වෙලා කතා බහ කරන එක නෙවෙයි මම  කියන්නේ. ඊටත් එහා හිය දේවල් අපි හැමෝම කරනවනේ බන්. ආදරේ කරද්දී කොල්ලගෙන් කෙල්ලට කිස් එකක් දෙන්න ඕනේ, කෙල්ලගෙනුත් කොල්ල ඒ දේවල් බලපොරොත්තු වෙනවා. මේ දෙවල් කරාට මම මුකුත් කියන්නේ නෑ. මොකද ආදරයක් විදිනකොට මේ දේවල් තිබුනේ නැත්තම් ඒකත් මනෝවිද්‍යාවත් එක්ක එක ප්‍රශ්නයක්. ඒ නිසා මේ දේවල් තියෙන්න ඕනේ. 

     තමන් ආදරය කරන කෙල්ල දිහා බලනකොට ඒ කොල්ලට ආදරයක්, වගේම ළගට ළං වෙලා තුරුලු වෙලා කිස් එකක් දෙන්න හිතෙන්නේ නැත්තම්, ඒ කොල්ලාට ඒ දේවල් හිතෙන්නේ අනිත් කෙල්ලො දිහා බලන කොට නම් එතැන සැබෑවටම  ප්‍රශ්නයක් තියෙනවා බන්. කෙල්ලටත් ඒක එහෙම්ම තමයි. මම කියන්නේ ඒ දේවල් විදින්න ඕනේ... 


       අපි එහෙම ආදරෙන් වෙලෙනකොට පොඩ්ඩක් වටපිටාව ගැන හිතලා තියෙනවද? උබම හිතින් මේ ප්‍රශ්නෙ ගැන අහලා බලපන්. උබලා මේ ඉන්න තැන ඉන්නේ උබලා විතරක් නෙවෙයි. තව දහසක් දෙනා සංචාරය කරනවා මේ පරිසර ඇතුලේ.... මේ අතර උබලගෙ අම්මා තාත්තාගෙ වයසේ අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා ඒ විතරක් නෙවෙයි බන් කිසිම හයක් හතරක් නොදන්න පොඩි එවුනුත් ඉන්නවා. උන් මේ දේවල් දැක්කම උනුත් අනාගතයේ කරන්නේ මේ උබලා කරන දේවල් ම තමයි. ඒක අනාගතේ ඉරනම ගැන හිතලා බලනකොට ප්‍රශ්නයක් නේද බන්....?

          තව දෙයක්, උබ ඇත්තට ම ඒ කෙල්ලට ආදරය කරනවා නම් මිනිස්සු ඉන්න තැන්වල ඒ කෙල්ලට බැල්මකින්වත් දෙයක් නරක විදියෙට දෙයක් කරන්නේ නෑ බන්. මොකද ඇත්තට ම ඒ කෙල්ලට උබ ආදෙරෙයි නම්, ඒ කෙල්ල දවසක උබේම ළමයින්ගෙ අම්මා වෙනවනේ. උබ කැමති නෑ නේද උබේ අම්මාට කවුරු හරි කෙනෙක් බඩුවක් කියලා කියනවට. අන්න ඒ තත්වෙම තමයි බන් උබේ ළමයිනුත් කැමති නැහැ තමන්ගේ අම්මට එහෙම කියනවා හිතන්නවත්. අනික උබ කැමතිද එහෙම බඩුවක් එක්ක පාරක තොටකවත් ඇවිදින්න... උබලා ඒ බඩු පාවිච්චි කරන එක වෙනම විදියකින් කතාකරමු. මේක තමන්ගේ ජීව්තේ ගැන, අනාගතේ ගැන ප්‍රශ්නයක්. මෙන්න මේ දේ ගැන කෙල්ලේ, උබත් හොදට හිතලා බලපන්. උබ ඇත්තටම ආදරය කරන කොල්ලා උබටත් ඇත්තට ම ආදරය කරනවාද කියලා උබට මේ දෙයින් හොදට දැනගන්න තියෙන අවස්ථාවක් මේ... 

        ආදරය කරපන්. ආදරය විදපන්. ඒ හැම දෙයකින් ම උබට වගේ ම උබේ කෙල්ලටත් කිසිම නරකක් නොවෙන විදියට. තේරුම් ගනින්. මම කියන්න උත්සහ කරේ මේ දේවල් කරන කොට පොඩ්ඩක් වටේ තියෙන පරිසරය දිහාත් බලලා, ඒ තියෙන දේවල් උබලට කිසිම දෙයක් නොකියන විදියට ආදරේ විදපල්ලා. ආයෙමත් දවසක උබට එතැනට යන්න පුලුවන් වෙන විදියට වැඩ කරපන්.   


       මේ කියන්නේ රත්තරං කොල්ලෝ  උබට. හැම වෙලාවෙම මතක තියාගනින් උබ එක්ක ඉන්නේ උබගෙම නංගි වගේ තවත් එක නංගි කෙනෙක් කියලා. උබට ඒ නිසා ඒකීව පුලුවන් තරම් ආරක්ෂා කරපන්. රැකපන්. පණ වගේ බලාගනින්. ඒකී උබ ලගට ආවේ උබව ගොඩක් විශ්වාස කරලා කියන දේ අමතක කරන්න එපා කොල්ලෝ.... 

Saturday, June 9, 2018

රජ්ජුජුවෝ වෙන කවුරු...


රජ්ජුජුවෝ වෙන කවුරු...


උර තලය හොවා 


හිස ආදරයෙන් සනසාපු...

ඇකයේ උණුසුම් දිදී 
මිහිරි පද මුමුණාපු...
නිහඩව ම මහමෙරෙක 
සෙනෙහෙ පිදුවේ සොදුරු...
නුබ ම මිස මගේ ලොව 
රජ්ජුජුවෝ වෙන කවුරු... 

Thursday, June 7, 2018

ලුහුබදින්නට...







මිනිසුන් අතර 
හොද මිනිසුන් 
කිසිවිටෙකත් සොයන්නට එපා. 
ඔබ හොද මිනිසෙකු 
වන්නට උත්සාහ කරන්න. 
එවිට, 
 හොද මිනිසුන් 
ඔබ කරා පැමිනේවී...  

Tuesday, June 5, 2018

දොරගුල

දොරගුල 

ඇතුලුවන්නට පිටවන්නට
එකම මාර්ගයක් 
ඇති බව 
නොදන්නවාද?.

ඇත්තේ එකම  

පිවිසුම් 
දොරටුවකි...
සිතන්න.
ඔබ 
ඇතුලුවනවාද - පිටවනවාද 
වෙනස ඇත්තේ 
සිතීම අනුව ම  
පමනී...
ඔබට ඇත්තේ 
එකම 
දොරගුලකී.... 

Saturday, June 2, 2018

ඉගිලෙන්න ආසයි....

ඉගිලෙන්න ආසයි....


දුරට යන්නට තවත් මට බැහැ 
ළගට එන්නට හිතන්නෙත් නැහැ 
ළගත් නැහැ මම 
දුරත් නැහැ ඔබ 
කොතැන ඉන්නද නොවැටහේ මට...


ඉහිළ යන්නට හිතෙනවා මට 
ලොවෙන් තොර වූ ලොකයක් මත 
සිහින මාලිග නොමැති දුරකට 
මනින්නං පිය මානයක හිද...

ඇති හොදටම විදෙවුවා මම 
අයිති විය යුතුයි මට මගේ ජීවිතය 
ඔබ නොමැති ලොකයක් මත 
ඉගිළ යමි මා ඉගිළ යමි... 

නැති වෙන්නේ අයිතිනැති දේවල්

නැති  වෙන්නේ අයිතිනැති දේවල්  


                   ආදරය, විවාහය කියන්නේ එකක්ද, දෙකක් ද කාටද හරියට ම කියන්න පුලුවන්?. මම කියනවා ඒක දෙකක් කියලා. හිතන්න......, හැමෝම කියන්නේ ජීවීතේ ලස්සන වෙන්නේ ආදරයක් හිමි වුනාම විතරයිලු. ඉස්සල්ලා ම පුරුදු වෙන්න ඕනේ පොලොවේ පයගහලා ජීවත් වෙන්න. හිමීවීම, ලැබීම හැමෝට ම එක වගේ ලැබෙනවා කියලා කාටද කියන්න පුලුවන්. ජීවීතේත් අවධානමක තියෙනකොට අපි කොහොම ද ආදරය වුනත ස්ථිරවම ලැබෙයි කියලා විශ්වාස කරන්නේ.හැමදාම අසාථීර ලොකේ ආදරය වුනත් ස්ථිර වෙයිද?. මම ඒ ප්‍රශ්නය අහන්නේ ඔබෙන්.... දෙන්න මට පිළිතුරක්.

                   හිමිවීම වාසනාව නම්, අහිමීවීම අවාසනාවද?. එසේ නම් සෘද්ධි බලයක් හිමි දෙවුදත් වාසනාවන්තයෙකු විය යුතුයි. අපට යම් දෙයක් අහිමි වනුයේ එය අපට අවශ්‍ය නොවන නිසා විය හැක. අයිතියක් නොවන නිසා අහිමීවනවා ඇති. කෙසේ නමුත් එම අහිමි වීම අපේම හොදට සිදු වී ඇතිබව අනාගතයේ මතුයම් දිනක ඔබට වැටහෙනු නොඅනුමානය...  

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන...

                          සබඳ අපි කඳු නොවෙමු                                       උනුන් පරයා නැගෙන ...             මේ අප ප...