සබඳ
අපි කඳු නොවෙමු
උනුන්
පරයා නැගෙන...
මේ
අප පසුකරන්නේ 21වන සියවස යි.
ඒදා මෙන් නොව අද
මිනිසා හදට යයි.
ග්රහලෝක තරණය කරයි. ලොව
මවිත කරණ නිපැයුම් නිපදවයි.
විදු නුවණේ
හාස්කම්වලින් ගිරි-සිඛර-රුක්
මත දිදුලන දෙව් විමන් පවා
සලිත කරයි. හේ
මුලු ලොවම හදුනයි. එහි
ඇති හැමෙකක් ම ප්රත්යක්ෂයෙන් දකී. එහෙත්
අවාසනාවකට හෙතෙම තම මනස නොදකියි.
නො හදුනයි. තමා කවුරුදැයි
නො දනියි. පහන් කණුවේ ආලෝකයෙන්
අවට පරිසරය බැබළුණ ද එහි
මුල අඳුරු වන්නා සේ විදු එළියෙන්
ලොව දකින විද්යාඥයා
හුදු අඳුරු අවිදු අඳුරෙන්
වැසී සිටියි. පියවි ලොව අමතක කරයි.
මුසාවේ, වංචාවේ, කපටිකමේ සැකෙවින්
කිවහොත් පස්පවේ, දස අකුසලයේ අහංකාර
තානාපති වෙයි. ආත්මාර්ථකාමී
රංගපීඨයේදී කවට නළුවා බවට
පත්වෙයි. මිනිස්කම් අමතක වී
නොමිනිස්කම්
ලොවට කියාපායි. පරිණාමයේ උසස්ම ප්රතිඵලය මිනිසා
බව ඔහුට
අමතක
වෙයි.
එමතු
ද නොව ආත්මාර්ථය නමැති
උමතුවෙන් වියරු වැටෙන්නන් ඉදිරියේ පරෝපකාරය
සුදු අලියෙකු බවට පත්ව ඇත.
විසිතුරු වදන් රැල්ලකින් කරළිය සනහා
නැතිබැරි අයට අත දීමේ
අගය විදහා ආත්මාර්ථයේ කඩිගුලට රිංගන පරහිතකාමී
ප්රතිරූපකයන්ගෙන් හිඟයක් නැති බව පැහැදිලි
වන්නේ දසතින් ඇසෙන
දුගීබවේ අදෝනාවන් ඇසෙන සඳ ය.
අසහනයේ ගිනිදැල් බුර බුරා නගින
විට
ය.
කවර
දේශයක හෝ වේවා දුක්
විඳින ජන කොටස වැඩිය.
දහසකුත් එකක්
අඩුපාඩුකමේ, වේදනාවේ මරලතෝනිය දෙන්නවුන් බහුල ය. එහෙත් එවන්
ආපදා අභියස වේදිකාවේදීහු අන්ධයහ. කන්වලට දොරගුළු දමා ඇත. හේතු යුක්ති
ඇතිව හෝ නැතිව හෝ
ඇතිවී දියුණු වී යන දැවෙන
ප්රශ්න විසඳීමට තරම් බුද්ධියක්,
ආත්ම ශක්තියක්, පරහිතකාමී බවක් නැති අවස්ථාවාදීන්
කපටි බස් දෙසා
මගහැර යන්නෝ නම් පරෝපකාරයට අතවනන්නේ
කවරහු ද.... මිනිස්කම - ගුණ
දහම නොව ආර්ථිකයෙන් පිම්බීමට
වැර දරණ සමාජයක ආධ්යාත්මික ගුණ සුවද
වනගත වීම අරුමයක් නොවේ.
එකෙකු සාගින්නෙන් පෙළෙද්දී තවෙකෙකු රසමසවුලෙන්
කුස පුරවා ගනී නම් දහමක්
නොව සාමාන්‍ය මිනිස්කමක්වත් එතැන
රැඳී ඇතැයි සිතීම වැරදි සහගත නොවේ. ඒ
ගැන විමසීම අපරාධයක් ද නොවේ.
බුදුරදුන්
දහම් දෙසීමට පෙර ශ්රාවකයාගේ
කුසගින්න නිවා ලූ අයුරු
බුදු සිරිත
ඇසුරින් දත හැකිය. යමෙකු
කුමන අංශයකින් හෝ අසරණ වී
ඇත්නම් ඔහු
සසරණ කිරීම උතුම්ම පරෝපකාරයි. යකඩයේ ඇතිවන මලකඩය නිසාම එය
වැනසෙන්නා සේ ජාතියේ ජනිත
වූවන්ගෙන් ම ජාතිය විනාශ
වන ලකුණු පහල
වී හමාරය. ක්රමිකව අක්රමිකව හෝ බලයට පත්වූවන්
සදහටම රැඳී සිටීමට නොකරන
හෙයියම්මාරුවක් නැත. බලය ඇල්ලීමට
තතනන්නාද නොකරණ ගිනිවිජ්ජුම්බරයක්
නැත. ජාති, කුල, ප්රාන්ත,
පක්ෂ, ඇති-නැති ආදී
වශයෙන් වර්ග වී
ජාතිය බලකාමයෙන් පොරකන විට ජාතික ශෝෂණයට
අතවැනීමක් වන්නේ ද........
ප්‍රහාරයට ප්‍රතිපහාරයක් විනා අන් ප්‍රතිචාරයක් නැත. ඉවසන්නා බියගුල්ලෙකි.
නිහඩ වන්නා නිවටයෙකි. ශාන්තකාමියා මුග්ධයෙකි. මෙවන් හැඟීම්
සන්තානගත වන්නේ නොදැමුනු මනසේ හටගන්නා මදය-මානය-උඩඟුකම අහංකාරය
වැනි දුඹුලු කාලුෂයන් නිසාය. මේ දෘෂ්ටිකෝණයෙන් වත්මන්
සමාජ දේහය
දෙස බලන්නෙකුට සිදුවී ඇති ජාතික නස්පැත්තිය
පසක් වනු ඇත. අන්තවාදීන්ගේ
පුද්ගලවාදයත්, බලලෝභීන්ගේ මමායනයත්, අවස්ථාවාදීන්ගේ නමස්කාරවාදයත්
නිසා හටගත් විනාශයේ චණ්ඩ මාරුතයට රටත්
දැයත් සමයත් යළි
ගොඩගන්නට නොහැකි තරමට ම ගොදුරු
වී ඇතැයි නිබොරු කළ
හැකිද................
වසර
3000 කට අධික කාලයකට උරුමකම්
කියන හෙළ සභ්‍යත්වය, සංස්කෘතිය
හා බෞද්ධ උරුමය තුළින් අගතිගාමී සමාජය වෙනුවට සාධාරණ සමාජ
පද්ධතියක් නිමවෙයි. කරුණාවෙන් දයාර්ද්‍ර මනසක් හා
යථාර්ථයේ කැඩපත
හමුවේ සිය ප්රතිබිම්බය
ආරෝපණය කළ මානවයා අකාරුණික
බවේ අගුලු
ගලවා ඊර්ෂ්යාවේ පළිගැනීමේ යදම් බිඳවා
මානසික සැපතට පරමෝදාර විමුක්තියට
දොර හැර දෙයි. මැලිකම,
ඈලි මෑලි දුබල ගතිය,
කළකිරීම, එපාවීම දුරුකරයි.
ආත්මාර්ථකාමී අගාධ තලයෙන් ඉගිලී
ඉහල පියාසර කිරීමේ පියාපත් ලබාදෙයි.
මනුෂ්යත්වයේ අගය පහදා
දෙයි. දුක පිළිබඳ අත්දැකීම
පහළ වේ. අමානුෂික
අඳුරු ලොවේ ගිලී සිටින
නොදියුණු සත්වයාට ප්රඥාවේ ආලෝකය ලබාෙදෙයි. නිල් උපැස් යුවල
ඉවත් කර සමාජය දෙස,
පුද්ගලයා දෙස බැලීමෙන් යථාර්ථවාදී
දර්ශනය උගන්වයි. ඔබේ හදවත කරුණාවේ උල්පතක් කරගත්
විට දයා
ධාරාව දසත ගලා විහිදී
යන අයුරු ඔබටම දැනෙයි.
අද ඔබ කරුණාවෙන් මෛත්රියෙන් ඈත්ව සිටිනවා විය
හැකිය. එහෙත් සුඛ දුක්ඛයන්ගේ ඉරණමට වැඩිකල්
යා නොදී මුහුණදීමට නිසැකවම
සිදුව ඇත එදාට ඔබේ
ස්වරූපය
කුමක්ද............
එසේනම්
කලයුත්තේ කුමක්ද? මිනිස් ලේ ඇති, මිනිස්
ගති ඇති, සත්වයාට කළ
යුතුව ඇත්තේ ක්රියාවන් දෙකකි.
ඉන් එකක් ආත්මාර්ථය යි.
අනෙක නම් පරාර්ථය
යි. සමස්ත සමාජය දෙස සමානාත්මතාවයෙන් හෙළන
ලද නෙත් ඇත්තාට
තමාගෙන් බැහැර වූවෝ අන්යයෝ
නොවෙති. එක මවකගේ දරු
කැලක් සේ
ජීවන මංපෙත ගෙවා දැමිය හැක්කේ
එවන් මානවීීය සංකල්පනාවන්ගෙන් හෙබි
මිනිසාට ය. එනිසා දවසින්
දවස ලියලන තරගකාරීත්වය පසෙකලා ලෝකාර්ථ
සිද්ධිය විෂයෙහි තමන්ගේ කායික හා මානසික ශක්තිය ප්‍රධානය කරන්නේ
නම් ඔවුහු සැබෑ සමාජ සුදධාරකයෝ
ය. සැබෑම මනුෂ්යයෝ ය. සත්පුරුෂයෝ
ය.
සනෝජා
තරංගනී
HS/2015/1049
ජන
සන්නිවේදන අධ්යයන
අංශය
විශේෂවේදී
පළමු වසර