ආදරය කරන්න. ආදරය ගැන හොදින් දැනගෙන.....
අපි ආදරය කරන්න ඕනේ ආදරේ කියන වචනේ හරි තේරුමක් දැනගෙන බන්. මම අද කියන්න හදන්නේ ආදරේ කියන්නේ මොකක්ද?. ආදරේ කරන්න ඕනේ මොන වගේ කෙනෙක්ටද?. ආදරය විදින්නේ කොහොමද? කියන මෙන්න මේ වගේ සාමාන්‍ය තොරතුරු ටිකක්. දකින කොටම උබට හිතෙයි මොන මගුලක්ද මේ කියලා. පොඩ්ඩක් කියවලා බලපන් මොකක්ද මේ කියන්නේ හදන්නේ කියලා. මොහොතක් හිතලා බලපන් උබත් මෙහෙමද හිතන්නේ කියලා. උබගෙත් අදහසක් තියෙනව නම් කියපන් මම අහගෙන් ඉන්නේ උබත් කියන කතා මොනවද කියලා.

රොමියෝ ජුලියට්, සාලිය අශෝකමාලා, රාධා ක්‍රිෂ්ණා මෙන්න මේ වගේ ලස්සන ආදර කතා ගැනත් සමහර විට උබ මටත් වඩා හොදට දන්නවා ඇති. අපි ආදරය කරන කොට මේ වගේ ලව් හිස්ටෝරිවලින් සමහර දේවල් ගන්නවත්නේ බන්. ඉතින් ඒ නිසා මම ඒ කතා කරන එක උබට විහිලුවක් වෙයි. මම කල්පනා කරා උබට අද වෙනස් දෙයක් කියන්න. ඒ තමයි අපි අදරය කරන විදියත් සම්මානනීය ආදර කතා අතරත් තියෙන වෙනස කොච්චරද්ද කියලා කියන්න.
අපි ඇත්තම කතා කරොත් ආදරය කරන කෙනා ම නෙවෙයිනේ බන් බදින්නේ. පළවෙනි ආදරේ ළග නෙවෙයි නතර වෙන්නෙත්. හැමෝම මෙහෙම කියන්න හදනවා නෙවෙයි මම. බහුතරයක් මේ වගේ. ඉතින් මෙහෙම වෙන්න හේතුව පොඩ්ඩක් හිතලා බැලුවද?. සමහර විට මෙහෙම කිව්වම උබ බනියි. ඒත් මම මේක කියන්නම ඕනේ බන්. දකින දකින කෙල්ලට ඇතිවෙන්නේ ආදරයක් නෙවෙයි බන්. ඒක ඇත්තට ම කිව්වොත් මානෝවිද්යාවට අනුව මානසික ලෙඩක්. කෙල්ලටත් මේක ඒ වගේ ම ආදලයි.
කොල්ලො ළග කෙල්ලො බඩුවක් වෙන්නේත්, කෙල්ලො ළග කොල්ලො පාත්තයෙක් වෙන්නෙත් මෙන්න මේ කියන ආදරය හරියට නොදන්නාකම නිසා කිව්වොත් උබ මගේ කතාවට එකග වෙයන්. මොකද ඒක ඇත්ත නිසා. කේල්ලේ උබ කැමති නෑ නේද බඩුවක් වෙන්න. අම්මා උබව රජෙක් කරේ කෙල්ලො ඉස්සරහ පාත්තයෙක් වෙන්න නෙවෙයි කොල්ලෝ. එහෙනම් කරන්න ඕන දේ තමයි උබ අදවත් මේක හොදට දැනගන්න එක.
අපි ඉස්සලා ම හිතන්න ඕනේ බන් උබ කවුද කියන එක. ඉස්සල්ලා ම උබ තුළින් උබ දකින්න ඕනේ. උබ මොන වගේ කෙනෙක් ද කියලා උබ තේරුම් ගන්න ඕනේ.ඊට පස්සේ උබගේ අදහස්වලට පොඩ්ඩක් හරි නෑදෑකම් කියන කෙනෙක්ව තෝරගත්තොත් තමයි උබට ගමන යන්න ලේසි. කෙනෙක්ව තෝරගත්තට පස්සෙ උබ ආදරය කරපන්. ආදරයෙ තියෙන මිහිරියාව විදගනින්. ඒ අතරතුර උබට කරන්න ලොකු දෙයක් තියෙනව බන්. අදරය කරන කොට අපි හැමෝට ම අමතක වෙන්නේ, බැරිවෙන්නේ, වැරදේනේ, වරද්ද ගන්නේ මෙන්න මතන බන්.
උබලා දෙන්න ඇත්තට ම දෙජාතියෙන් දෙන්නෙක්නේ බන්. එතකොට මිහිරියාව වැඩී වගේ ම තමයි ප්‍රශ්නත් වැඩී කියලා අමතක කරන්න එපා. ප්‍රශ්න එනකොට උබලා අතර තියෙන මුනුමුනුව අඩුවෙනකොට උබලට ම උබලව එපා වෙන්වා. එතකොට උබලා දෙන්න ම හිතන්නේ වෙන තැනක නතර වුනා නම් හොදයි කියලා. ඉතින් උබල දෙන්න ම යන්න ම යනවා කිසිත් නොදන්නා ගානට. ඒ වෙනකොටත් කෙල්ලේ උබට උගෙන් වෙන්න ඕනේ දේවල් වෙලත්. ඒත් සමහර වෙලාවට උබට ගානක් නෑ. උබ හොයන්නෙත් වෙන සරණක්. පොඩ්ඩක් හිතල බලපන් මෙහෙ ම වෙනකොට උබලා කොච්චර පිරිහිලාද. උබලා උබලට ම කොච්චර නැති වෙලාද කියලා. හ්ම්ම්...
උබට ඕනේ වෙන සරණක්නේ. උබේ යෞවනත්වයත් එක්ක උබ වෙන සරණක් හොයා ගන්න ගොඩක් ම ලේසි. උබ ඌ එක්ක ඉන්නෙත් ටික කාලයයි. එන ප්‍රශ්නවලට උබලට මුහුණ දෙන්න උබට ම ශක්තියක් නෑ බන්. උබලා දන්නේ නෑ ඒ ප්‍රශ්න විසදගන්න. උබලට බෑ ඒ දේවල්වලින් ජය ගන්න. ඉතින් උබල දන්නෙ ප්‍රශ්නවලින් පැනලා යන්න. උබලා දන්නෙත් නෑ. උබ මේ වෙනකොට කෙල්ලෙක් නම් බඩුවක්. කොල්ලෙ නම් ?..... ඉතින් උබල එතනින් නවතින්නේ නෑ. උබලා බැන්දත් ඕක ම තමයි කරන්නේ.
එක පැත්තකින් උබලගේ ළමයි දුක් විදිනවා. තව පැත්තකින් උබලගේ දෙමවුපියෝ දුක් විදිනවා. ඒ විතරක් ද උබල මෙහෙම වෙනකොට රට කොයි අතට ද යන්නේ. මෙවා ගැන හිතපන් බන්. සමාජයක් ඉදිරියේ වැරදිකාරයෝ වෙලා රටට ණයකාරයෝ වෙලා. අවසනයේ උබලා උබලට ම සාප කරගන්නවා බන්. බලපන්කො ආදරය කොයි අතටද යන්නේ කියලා.මේ හැම දේටම විසදුම් තියෙනවා කියලත් අමතක කරන්න එපා. නොගැලපෙන දේවල් අපි ඉස්සරහට එනකොට උබට පුලුවන් නම් ඒ දේවල් ගලපාගන්න උබ දිනන්න මුලික අඩිතාල ම දාගෙන. අතේ ඇගිලි දෙකක් නැත්නම් එක වගේ උබ කොහොමද හොයන්නේ උබ වගේ ම කෙනෙක්. ජීවත් වෙනකොට මේ මහ පොළොවේ රස්නේ දැනෙන්න ඉස්සල්ලා ම පොළොවේ පයගහපන්.
ප්‍රශ්න ඇතිවෙනකොට දාලා යන එක නම් නෙවෙයි ආදරේ කියන්නේ. සිදුහත් කුමාරයා යශෝදරාව එකපරක් දෙපාරක් නෙවෙයි අතාරින්න උනේ. සාරාසංකෙයිය කල්ප ලක්ෂ 4ක්. ඒ වුනත් යශෝදරාව හැම ආත්මයේම ප්‍රාර්ථනා කලේ සිදුහත් කුමාරයා මිසක් වෙන කවුරුත් නෙවෙයි. තෙරුම් ගනින්.
අවංක අදරයට කරන්න බැරි දෙයක් නෑ කියලා. කන්නගීට මුලු පඩිරට ම ගින්නෙන් දවාලන්නට හැකි වුනේ අදරේ නාමයෙන්. සොත්ථීසේන රජතුමාගේ කුශ්ඨ රෝගය සුවකර ගැනීමට හැකියාව ලැබෙන්නේද සම්බුලා දේවියගේ ආදරයේ බලමහිමයෙන් කියලා හොදට මතක තියාගනින්. ඉතින් ඒ නිසා ප්රශ්නවලදී පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙයන්. එහෙම දෙයක් ඇති වෙන්න මොකක්ද වුනේ කියලා අතීතයට ගිහින් හොයලා බැලුවට පාඩුවක් වෙන්නේ නෑ බන්. එහෙම වෙලාවට අනිත් කෙනා කියන දේ අහන්න මැලි වෙන්න එපා බන්. ඒ මැලිකම, ඒ තදකම සදහටම උබේ ජීවිතය වෙනස් කිරීමට හේතුවක් නොවෙන්න බැරි නෑ. ඒ නිසා ඉවසන්න පුරුදු වෙයන්.
ආදරේදී එකිනෙකා අතර විශ්වාසයක් තියෙන්න ඕනේ බන්. ඒක අති වෙන්නේ අවංක ආදරයත් එක්ක. උබලට ම තමයි ඒ දේ ඇතිකරගන්න පුලුවන් වෙන්නේ. කොල්ලො, උබට පුලුවන් වෙන්න ඕනේ උබේ කෙල්ල කොහේ හරි ගිහින් එනකම් හිතේ සැනසිල්ලේ ඉන්න. ඒක ඒ විදියට ම කෙල්ලටත් පොදුයි. ඒ විශ්වාසය ඇතිවෙන්නේ උබේ ම කල්ක්රියාවත් එක්ක. උබ ඒකිට බොරුවක්, වංචාවක්, කපටිකමක්,රැවටීම කරලා නැත්නම් ඒකී කවදාවත් උබව අවිශ්වාස කරන්නෑ බන්. ඒක තමයි ඇත්ත උබත් මාත් පිළිගන්න.
විශේෂම දේ තමයි උබට පුලුවන් වෙන්න ඕනේ සතුටෙදි වගේ ම දුකේදීත් ඒකිගේ ළගින් ම ඉන්න. ඒකීට දැනෙන්න ඕනේ ඒකීගේ ජීවීතේ හීරෝ උබ කියලා. ඒ තත්වේ හදාගන්න ඕනේ මම නෙවෙයි උබම. දුකක් කරදරයක් ආවම ඒකීගේ හිතහදන්නෙත් වෙන එකෙක් නම් එතන ප්‍රශ්නයක් කියලා අමතක කරන්න එපා. මේ දේ කෙල්ලටත් පොදුයි. තනිකරන්න එපා කවුරුවත් ම. වීශේෂයෙන් දුක වේදනාවක් දැනෙනකොට උබට පුලුවන් නම් ඒ දුක බෙදාගන්න උදවු වෙන්න උබ දිනුම්.
මේ වගේ දේවල් උබ උබේ ජීවිතේ හදාගත්තොත් උබ දිනලා ඉවරයි. මොකද සල්ලි, වගේ ම මනුස්සයෙකුට මානසික සතුටත් අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක ඇති වෙන්නේ ආදරයක පහස විදින, ආදරයක මිහිර දැනෙන මනුස්සයෙකුට. මම එහෙම කිව්වේ මහන්සි වෙලා ගෙදරට එනකොට හිනා වෙලා තමන්ගේ ඒ මහන්සිය නිවන්න පුලුවන් හැකියාවක් ලැබෙන්නේ එහෙම කෙනෙක් ඉන්නකොට නෙවෙයි ද කියලා උබ ම හිතලා බලපන්.
digai... hebei hedayi
ReplyDeleteapith adre karanava. ethhhh?
ReplyDeletehmmm okk
ReplyDeleteadaraya karamu ehenam ehema
ReplyDeletehithamu ee gaena
ReplyDeletehithamu saho.. eththa kathavak ee
ReplyDeleteokkkk
ReplyDeletevishishtayi
ReplyDeleteyes
ReplyDeleteeeka ithin vidhina vidhiya anuva venas venava
ReplyDeleteapi nam ehema neee
ReplyDeleteහැමෝම එහෙම nee harida..
ReplyDelete