කෙල්ලෙක් කොල්ලෙක් නම් බැලිය යුතුම දෙයක්....
අපි ගොඩක් අමාරුවෙන් තමයි අපිට ම කියලා හොද අන්න්යතාවයක් හදා ගන්නේ. ඒක මම වගේම උබත් හොදට දන්නවා. අපි මේ හදා ගත්ත හොද නාමයට කැලළක් වෙන්න යන තැනක් උබට මතක් කරන්නයි මම අද උබගෙන් විනාඩි 5ක් වෙන් කරේ.
ආදරේ කියන්නේ අපි හැමෝට ම ඕන සහ විදින දෙයක් කිව්වොත් උබත් හරි අපුරුවට ඒකට එකග වෙන බව මම දන්නවා. ඉතින් අපි ඒ අදරේ විදින්න ඒකට ම සුදුසු තැන් හොයාගෙන යනවා බන්... ඒ තමයි උබත් මමත් දන්න ඇත්ත කතාව. සමහර වෙලාවට ගාර්ඩින් වලට යනවා, බීජ් යනවා, ෆිල්ම් බලන්න යනවා. මෙන්න මේ වගේ නිදහස් පරිසරයවල් හොයා ගෙන යන්නේ ඒ ආදරේ විදින්න සුදුසු වතාවරනයක් හදාගන්න බව මම දන්නවා උබත් ඒ කාරණය හැන හොදින් දන්නවා කියලා . ඒත් උබටත් මටත් හරි අපූරූවට අමතක වෙන දෙයක් මේ ඇතුලේ හැංහිලා තියෙනවා කියලා අමතක කරන්න එපා යලුවේ...
තමන්ගේ කොල්ලා එක්ක කොහෙ හරි මුල්ලකට වෙලා කතා බහ කරන එක නෙවෙයි මම කියන්නේ. ඊටත් එහා හිය දේවල් අපි හැමෝම කරනවනේ බන්. ආදරේ කරද්දී කොල්ලගෙන් කෙල්ලට කිස් එකක් දෙන්න ඕනේ, කෙල්ලගෙනුත් කොල්ල ඒ දේවල් බලපොරොත්තු වෙනවා. මේ දෙවල් කරාට මම මුකුත් කියන්නේ නෑ. මොකද ආදරයක් විදිනකොට මේ දේවල් තිබුනේ නැත්තම් ඒකත් මනෝවිද්යාවත් එක්ක එක ප්රශ්නයක්. ඒ නිසා මේ දේවල් තියෙන්න ඕනේ.
තමන් ආදරය කරන කෙල්ල දිහා බලනකොට ඒ කොල්ලට ආදරයක්, වගේම ළගට ළං වෙලා තුරුලු වෙලා කිස් එකක් දෙන්න හිතෙන්නේ නැත්තම්, ඒ කොල්ලාට ඒ දේවල් හිතෙන්නේ අනිත් කෙල්ලො දිහා බලන කොට නම් එතැන සැබෑවටම ප්රශ්නයක් තියෙනවා බන්. කෙල්ලටත් ඒක එහෙම්ම තමයි. මම කියන්නේ ඒ දේවල් විදින්න ඕනේ...
අපි එහෙම ආදරෙන් වෙලෙනකොට පොඩ්ඩක් වටපිටාව ගැන හිතලා තියෙනවද? උබම හිතින් මේ ප්රශ්නෙ ගැන අහලා බලපන්. උබලා මේ ඉන්න තැන ඉන්නේ උබලා විතරක් නෙවෙයි. තව දහසක් දෙනා සංචාරය කරනවා මේ පරිසර ඇතුලේ.... මේ අතර උබලගෙ අම්මා තාත්තාගෙ වයසේ අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා ඒ විතරක් නෙවෙයි බන් කිසිම හයක් හතරක් නොදන්න පොඩි එවුනුත් ඉන්නවා. උන් මේ දේවල් දැක්කම උනුත් අනාගතයේ කරන්නේ මේ උබලා කරන දේවල් ම තමයි. ඒක අනාගතේ ඉරනම ගැන හිතලා බලනකොට ප්රශ්නයක් නේද බන්....?
තව දෙයක්, උබ ඇත්තට ම ඒ කෙල්ලට ආදරය කරනවා නම් මිනිස්සු ඉන්න තැන්වල ඒ කෙල්ලට බැල්මකින්වත් දෙයක් නරක විදියෙට දෙයක් කරන්නේ නෑ බන්. මොකද ඇත්තට ම ඒ කෙල්ලට උබ ආදෙරෙයි නම්, ඒ කෙල්ල දවසක උබේම ළමයින්ගෙ අම්මා වෙනවනේ. උබ කැමති නෑ නේද උබේ අම්මාට කවුරු හරි කෙනෙක් බඩුවක් කියලා කියනවට. අන්න ඒ තත්වෙම තමයි බන් උබේ ළමයිනුත් කැමති නැහැ තමන්ගේ අම්මට එහෙම කියනවා හිතන්නවත්. අනික උබ කැමතිද එහෙම බඩුවක් එක්ක පාරක තොටකවත් ඇවිදින්න... උබලා ඒ බඩු පාවිච්චි කරන එක වෙනම විදියකින් කතාකරමු. මේක තමන්ගේ ජීව්තේ ගැන, අනාගතේ ගැන ප්රශ්නයක්. මෙන්න මේ දේ ගැන කෙල්ලේ, උබත් හොදට හිතලා බලපන්. උබ ඇත්තටම ආදරය කරන කොල්ලා උබටත් ඇත්තට ම ආදරය කරනවාද කියලා උබට මේ දෙයින් හොදට දැනගන්න තියෙන අවස්ථාවක් මේ...
ආදරය කරපන්. ආදරය විදපන්. ඒ හැම දෙයකින් ම උබට වගේ ම උබේ කෙල්ලටත් කිසිම නරකක් නොවෙන විදියට. තේරුම් ගනින්. මම කියන්න උත්සහ කරේ මේ දේවල් කරන කොට පොඩ්ඩක් වටේ තියෙන පරිසරය දිහාත් බලලා, ඒ තියෙන දේවල් උබලට කිසිම දෙයක් නොකියන විදියට ආදරේ විදපල්ලා. ආයෙමත් දවසක උබට එතැනට යන්න පුලුවන් වෙන විදියට වැඩ කරපන්.
මේ කියන්නේ රත්තරං කොල්ලෝ උබට. හැම වෙලාවෙම මතක තියාගනින් උබ එක්ක ඉන්නේ උබගෙම නංගි වගේ තවත් එක නංගි කෙනෙක් කියලා. උබට ඒ නිසා ඒකීව පුලුවන් තරම් ආරක්ෂා කරපන්. රැකපන්. පණ වගේ බලාගනින්. ඒකී උබ ලගට ආවේ උබව ගොඩක් විශ්වාස කරලා කියන දේ අමතක කරන්න එපා කොල්ලෝ....
NIYAMAI
ReplyDeleteWAUUUUU NIYAMA ADAHASA
ReplyDeleteeththamai kella... oya niyamai. hithanna ona peththak oya mee kiyanne. ekaga wemi
ReplyDeleteeththa....
ReplyDeletehithaganna bee. obamadha mee
ReplyDeletethada thadaaa.
ReplyDeletehiniyata dadiya danavane bn
ReplyDeleteohhh supiri
ReplyDeleteniyamai... maru
ReplyDeletebeluva. hodhayi.
ReplyDeletehmmmm. maraineee
ReplyDeletemehemai, hemama ehema nevei
ReplyDeleteoyada meeeee... hithagannath bee
ReplyDeleteOw හැමෝම mehema kiyalaa ඔයාට කියන්න bee... ඇත්ත ටිකක්. Eth හැමෝම එහෙම nae
ReplyDelete