Sunday, July 1, 2018

මවුණි දයාදර....

මවුණි දයාදර....


දසමසක් කුස දරා බිහිකර
ලොවේ උණුසුම ලබන්නට පෙර
ඔබේ උණුසුම ලබා දී මට
කියා දුන්නේ මවුණි දයාදර
කඳුලු අතරින් සිනාසෙන්නට...
කුරිරු මිනිසුන් සිටින ලෝකේ
දිනෙන් දින ඉදිරියට යන්නට
ජයෙන් ජය ලැබ ලොව දිනන්නට
මා ජගතෙකු බව
ඔබයි පාර පෙන්වූ
මවුණි දයාදර....
නොවේ සිදුහත් කුමරු මම
නොවේ ඔබ දේවිය මහමායා
ඔබත් මමත් එක
මිනිසෙකි ලෝ තුළ....

                                                       sanoja

8 comments:

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන...

                          සබඳ අපි කඳු නොවෙමු                                       උනුන් පරයා නැගෙන ...             මේ අප ප...