දිණුම ඊළග මොහොතේ දී...
හීනෙන් වගේ ඇහුනේ අම්මා කතා කරනවා. ඒ වෙනකම් මට උන්නු තැන අමතක වෙලයි තිබුනේ. ඇගත් හීතල වෙලා, දාඩිය දලා බය වුනේ චතුරංගගේ නපුරු කුහකම් මට හීනෙනුත් මගේ හිතට වද දුන්නු නිසා වෙන්නට ඇති. ඔහු හැම විටම දන්නේ ආත්මාර්ථකාමී ව ක්‍රියා කිරිමට ම පමණි. ඔහුගේ යම් යම් ක්‍රියාවන් නිසාම මමත් පුරුදු වී සිටියේ හැම විටම ඔහු කෙරේ සැකසංකා සහිතව ම බැලීමට ය. විටෙක මගේ නියමයන් වැරදිවන නමුත් සමහර දිනවලදී ඒවා සක්සුදක් සේ සත්‍යවන අවස්ථා නැතිවාම නොවේ. එවිට ඔහුව කිසිම දිනක විශ්වාස කිරීමට මට කිසිවිටෙකත් සිත් නෙවේ.
“දෝණී, නැගිටිනවා දැන්වත්. වෙලාව කීයද දැන්? 10ත් පහුවෙලා. දැන් එනවා කිව්ව අය එනවත් ඇති. නාලා කාලා ලෑස්තිවෙන්නේ නැද්ද...“
“මොන කට්ටියද අම්මේ?“
මම එය නොදන්නවා වගේ ඇහුවේ රෑ අම්මා කිවු කතාව අමතක ඇති බව ඇගවීමට ම පමණි.
“ ඇයි ළමයෝ, මම කිව්වේ අද එනවා කියලා අර ලියනගේ මාමලා.“
“ඒ මොකටද ඉතින් මම නැගිටින්නේ. මට යන්න තියෙන්නේ 5ට. 5ටනේ පොලොන්නරු බස් එක එනවා කියලා ඇන්ටන් අයියා කිව්වේ.“
“අනේ ළමයෝ, උදේ පාන්දර මගේ කේන්තිනම් අවුස්සාගන්න එපා. එයාලා එන්නේ මාව බලන්න නෙවෙයි. ඔයාව බලන්න. දැන් ඉතින් කියන දේ අහලා ලෑස්තිවුනොත් හොදයි.“
අම්මට ඕනේ මම වැඩට යන්න කලින් මට මගුලකුත් කොහෙන් හරි ලෑස්ති කරන්න. අම්මා දන්නවා මම පොලොන්නරුව වැනි දුශ්කර පාලාතක්ට ගියා කියන්නේ අයේමත් ගොඩකාලයකට නොඑන බව. ඒ නිසා ඉක්මනින් ගෙදරත් එන වැඩක් පිළියෙල කෙරුනු විට නිතරම ගෙදර ඒමටත්, මගේ පාළු ජීවිතයට පිලියමක් සැලසීමත් මෙමගින් සපිරෙනු බව අම්මා හොදින් දැන සිටින්නට ඇත. මමත් අම්මාගේ මේ ක්‍රියාවන් දන්නේ අද ඊයෙක නොවේ.
“අනේ පුතේ කියන දේ අහලා ලෑස්ති වෙන්න“
“ අම්මේ මට මනමාලයෝ ඕනේ නෑ. ඉතුරු ටික කාලෙත් මම ඔහේ ජීවත් වෙනවා“
“ පුතේ උබට ඕනේ නැති එක ඇත්ත. ඒ වුනත් අපට ඕනේ බෑනා කෙනෙක්. මුනුබුරෙක්, මිනිබිරියක්. අන්න ඒ නිසා අපි කියන දේ අහන්න ම වෙනවා. “
“ අම්මේ, මම කියන දේ අහන්න. මට ඔය කවුරුත් ම ඕනේ නෑ.“
ගෙදරින් හැම විටම මගේ පහසුවයි බැලුවේ. මගේ සතුටයි හෙවුවේ. නැවතුනේ මගේ බලාපොරොතු ලග. හැම වෙලාවෙම දැක්කේ මගේ අනාගතය. ඒ නිසා ම කිසිම දිනක මම මගේ දැඩි තීරණ ගන්නේ කරන්න ම දෙයක් නැති වුනාම මිසක් දෙමාපිය වචනයට කීකරු වීමට මේ තුළින් ඉඩ කඩ නො සලසන බව් මනාව පෙනී යයි.
ඇත්තට ම මට ඕනේත් නෑ තනියම ජීවත් වෙන්න. මමත් කැමති මම කැමති කෙනෙක් එක්ක හැමදාමත් එකට ඉන්නවා වගේම රන්ඩු කරන්න. තරහා වෙලා දවසක් දෙකක් කතා නොකර ඉන්න. හ්ම්ම් තව, නීතිරීති ටිකක් දාලා පොඩි ෆන් එකක් ගන්න. ඒත් මට ඕනේ මම කැමති කෙනෙක් මිසක් අනිත් අය සතුටු කරන්න බොරුවට රගපානවා වගේ මුළු ජීවීත කාලය ම විදවවිදවා ඉන්න නෙවෙයි දෙවියනේ. ඇයි මට ම මෙහෙම වෙන්නේ. මට ආදරය කරන කෙනාට මම ආදරේ නෑ. මම ආදරේ කරන කෙනා මට ආදරේ නෑ.
උදේන් ම වැඩබාර ගන්න යන්න මම තීරණය කරේ මේ කරදර වලින් මිදෙන්න මිසක් වැඩට යන්න ආසවෙන් නෙවෙයි. මට හම්භවෙන ඉස්සල්ලා ම ගුරුපත්වීම නිසා ඒ තරම් අකමැත්තක් තිබුනෙත් නෑ. හැබැයි පොලොන්නරුව වගේ දුශ්කර පාලතකට යන්න වෙන නිසා මහා ලොකු කැමැත්තක් තිබුනේත් නැතිබව කියන්න ම ඕනේ.
අම්මටයි, අප්පච්චිටයි වැදලා ගෙදර අයට සමුදීලා ඉක්මනට ගෙදරින් යන්න වුනේ තවත් කරදරවලට මූණදෙන්න බැරි නිසා කියලා කියන්නම ඕනේ. මොකද මට ගෙදරින් ඒ වෙලවේ එන්නම ඕනේ තිබුනේ නෑ. ඒත් කරන්න ම දෙයක් නැති නිසා සමහර දේවල් අපට කරන්න වෙනවා. ඒකට තමයි ජීවීතේ කියලා කියන්නේ. ප්‍රශ්නවලදී, පැනලා යන එක නෙවෙයි කරන්න ඕනේ. ඒවට මුහුණ දීලා විසදුම් සොයාගන්න එක කියලා ගොඩක් අයට මම උපදෙස් දුන්නට මම ම ඒව කඩ කරද්දි මට ම මම ගැන කලකිරීමක් ඇති වෙන්වා.
බස් එකට නගිනවා විතරයි මට මතක. පැය ගානක් බස් එකේ ආවා දැනුනේවත් නෑ. ඒ තරමට හිත කොහෙදෝ මොනවදෝ හොයනවා කියලයි මට දැනුනේ. හිත කොහේ හැංගිලා මොනවා හිතුවද කියලා මටවත් මතක නෑ කීව්වොත් ඔයා පිළිගන්න එකක් නෑ. ඒත් ඇත්තට ම මට මතක නෑ මොනවද මම හිතුවේ කියලවත්. ඒ තරමට මගේ හිත ව්‍යාකූල වෙලා තිබුනේ කියාලයි මට මතක.
බස් එක නවත්වද්දි තිබුණු රස්නේ මට දරා ගන්න බැරි වුණා. අවුවට ඇස් දෙක ඇරගන්නවත් බැරිව හරිම අමාරුවෙන් හිටපු මට අයේමත් යන්නයි හිතුනේ. ඉස්සරහට තිබ්බ අඩිය අයේමත් පස්සට ගන්න බැරි නිසා මම ලිවුම බැලුවේ අයෙමත් කොහෙටද යන්න තියෙන්නේ කියලා. උල්පත්වැව ප්‍රාථමික විදුහල මගේ පළමුවැනි පත්විම් ගත් පාසල නිසා ලොකූ ආසාවක් හිතට එන්න එන්න වැඩිවන බවක් පෙනීයනු ඇතැයි මට සිතේ. සවස 5වන විට මම වෙහෙරගල නම් වූ නගරයට ගිය නමුත් එතනින් එහාට යන්නට බස් නොමැති බව එතන සිටී පිරිසගෙන් අසා දැන ගතිමි.
හිතේ තිබුණු අසාව නිසා ම වෙන්නට ඇති ගමේ ඇති සුන්දරත්වය ටිකෙන් ටික මගේ ගත හිත නිවාලනු බවක් මට දැනිණී. අවුරෂ්මිය අඩු වී ගමේ ගොඩේ තිබෙන ගැමි සුවද එන්න එන්න ම වැඩිවන බවක් මට හතවතට ම දෑනෙන්නට පටන් ගැන ඇති වබක් පෙනී යයි. සවස් යාමයේ බස් නොමැති නිසා ත්‍රීවිල රථයකින් මම උල්පත්වැව නම් ග්‍රාමයට ලගා වීමට හැකි විය.
බැස යන සූර්යා වැව ඉවුරේ හිදිමින් මදක් වේලවක් එහි රැදිසිටිමින් මට අතවනනු බවක් පෙනී යන්නා සේය. උදාගිරින් නැග එන සූර්යදේවෙන්ද්‍රයා සිය වැඩ අවසන් කොට ඇගේ තෙහෙට්ටුව, විඩාව, සරතැස නිවා ගනු ලබන්නේ වැවේ ඇති සෞම්‍ය දිය ධාරාවේ ගිලෙමින් එහි ඇති පහස විද ඒ මනෝහර ස්පර්ශ බවෙහි ප්‍රබල ත්‍රව්‍රරතාවය මතම බව කියාලන්නා සේ ය. මට අත වනනුයේ මගේ තෙහෙට්ටුවත් නිවාගන්නට කරන ලද ආරාධනාවක් ලෙස වන්නට ඇති. මට හිතුනෙ ම වැවෙන් අතපය සෝදාගෙන හෝ යාමටයි.
“අයියේ, වීල් එක පොඩ්ඩක් නවත්තන්න මේ වැවට බහින්න පුලුවන් තැනකින්. “
“මිස් මෙහෙද?“
“ නෑ.“
“ කිව්වට තරහා වෙන්න එපා මිස්. මේ ළග ගෙයක් තියෙනවා. අපි එහෙට යමු“
“මට ඕනේ මූණ පොඩ්ඩක් සෝදගන්න...“
පිස්සු මනුස්සයෙක්. මම මටම කියාගත්තෙමි. වැවේ වතුර පවා ඇගට දැනෙන්නේ අමුතුම මිහිරියාවකි. මේ වතුර ටික ඇගට දාගත්තා නම් කියා මට සිතුණී. එතරම් මිහිරියාවක් මට දැනෙන්නේ ඇයි දැයි නොදැනිමි. කුරුණෑගල සිටි මම එක පාරම දුශ්කර වුවත් ඉතාමත් සුන්දර ගම්මානයකට අවුරුදු කිහිපයකට හෝ යන්නට ලැබීම කොපමණ හොදදැයි මට සිතිණි. මේ ගම මාර්ටින් වික්‍රමසිංහගේ අපේ ගම සේය. කතාවක් කියවන විට ගම්මාන මිරියාව මේ තරමටම මට දැනෙන්නේ ඇයි දැයි නොදනිමි. පැය 03කට සැරයක් බස්රථ ඇති නමුදු ඒ දුශ්කර වූ බවක් මට නොදැනෙන්නේ ඇයි දැයි විටික මම මගෙන් ම ප්‍රශ්න කළ ද ඊට පිළිතුරක් මා ළගද නොමැත.
වැව ළග මදක් නැවතුණු මට දර්ශනය වූයේ වෙල්යායකි. ඊටත් එපිටින් මදක් උස්ව පිහිටි පන්සල් බිමද, බෝධීන් වහන්සේගේ කොත්කැරැල්ලද දෘශ්‍යමාන වූ සැටියෙන් මම සෙවුවේ මෙහි ඇති ගම්මානය කොහෙදැයි කියා යා. බැසයන සූර්යදේවෙන්ද්‍රයාත් සමග අඩිකිහිපයක් ඉදිරියට යන විට ගම්මානය මා හට පෙනෙන්නට විය. මගේ හද තුළ මහත් සන්තෝෂයක් ඉපැද්දුණි. සැබවින්ම මා මේ දකින්නේ සිහිනයක් දැයි මටම සැකසංකා පැමිණි විට ඇස් පොඩිකට බැලුවේ මේ සුන්දර මිහිරියාව කුමණ මායාවක්දැයි හොදින් දැන ගැනීම ම පිණිසමයි.
පොත්පත්වලින් මෙවැනි ගම්මාන දැක තිබුණද සැබෑදසුනින් මෙවැනි දර්ශනයන් දකින ප්‍රථම අවස්ථාව මෙය බව කීමට මම මදක් පැකිලෙමි. සිතා සිටි පරිසරය එහෙම්පිටින්ම වෙනස් වීමත් මාගේ සතුටට හේතුවක් වන්නට ඇත.
“මේ වැවේ නම මොකක්ද?“
“අපි නම් කියන්නේ උල්පත්වැව කියලා“
“ මේ ගමේ නම්ත් උල්පත්වැව නේද?“
“වැවේ නම් තමයි ගමට තියලා තියෙන්නේ“
“ආ.... එක තමයි. උල් පත් වැව.
“ඔවු. මේ වැවේ වතුර කවදාවත් හිදිලා නෑලු. මට මතක තියෙන කාලයක වුනත් වැවේ වතුර හිදිලා නේ මිස්. මේ කාලේ වැස්සනේ. ඒකයි මෙහෙම ගස් කොළන් තියෙන්නේ. දෙසැම්බර් වන කොට ඉන්න බෑ අපටවත්. ඒ තරමට පායනවා. ගහක් කොළයක් පෙන්නේ නෑ. ඒ තරමට ම පායනව මිස්. අපට වැස්ස වහින්නේ අවුරැද්දකට එක පාරයි. ඒ වැස්ස තමයි මේ. මේ කාලේ අවුරුද්දටම හරියන්න වහිනවා.“
“මෙහේ කුඹුරුනේ තියෙන්නේ?“
“ඔවු. අපිත් කුඹුරු කරනවා. පාට්ටයිම් තමයි මෙ...“
“හ්ම්ම් එහ්මද? එතකොට කුඹුරුවලට ඇතිද මේ වතුර.“
“ඒ තමයි මේ ගමේ තියෙන හාස්කම්. ගමේ කිව්වට වැවේ.“
“ඒ කියන්නේ?“
“මේ වැවේ තියෙනවලු උල්පතක්. ඒ නිසා කොච්චර පෑවුවත් වැවේ වතුර හිදෙන්නේ නෑලු. වතුර ටිකක් අඩුවුනාට වතුර හිදෙන්නේ නෑලු. ඒ නිසා ඒ වතුරවලින් මිනිස්සු කුඹුරු වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි මිස්. මේ වතුර තමයි මේ ගමේ මිනිස්සු බොන්නෙත්.“
මේ වතුර වැඩවලට ගන්නවා. නාන්න. ඒවම බොනවා. අනේ මන්ද වෙලාවකට මහ අප්පිරියාවකුත් දැනෙනවා මට. හ්ම්ම් ගමේ මිහිරියාව තියෙන්නේ තව ටික දවසයි කියන්කොට මට දුකත් හිතෙනවා. මොනවා වුනත් මේ ගමේ මිනිස්සුන්ට වැව තමයි ශක්තියක වෙන්නේ කියලා මතක් වෙනකොට මට ආයෙමත් එගැන අහන්න හිතුනි.
“මේ වැවේ උල්පතක් තියෙනවා කියලා කවුද කියන්නේ..?“
“එහෙම කියනවා ගමේ හිටපු ඉස්සර මිනිස්සුත්. ඒ විතරක්යෑ මිස්. අපිට ඒක හොදට ම ඔප්පු වෙනවා දෙසැම්බර් මාසවන කොට. අනිත් වැව් හිදෙන්නම එනකොට ඒවටත් වතුර දෙන්නේ මේ වැවෙන් මිස්. වතුර ටිකක් අඩුවෙන බව හැබෑව. ඒත් වතුර නැතිවෙන්නේ නෑ මිස්. ගන්න ගන්න වතුර උණනවා. ඒකයි කියන්නේ මේ වැවේ උල්පතක් තියෙනවා කියලා. අපට හැම දේටම උදවු වෙන්නේ මේ වැව නිසා කුඹුරු කපලා අස්වැන්න ගත්තාම ඉස්සල්ලාම උයන බත් මේ වැවේ තමයි උයන්නේ. ඒවට බත් කියන්නේත් නෑ ඇත්තටම. දානේ කියලයි කියන්නේ.“
“කවදද ඉතින් ඒ දානේ දෙන්නේ?.“
“හෙට.“ “ඔවු හෙට. මේ වැව ලග තමයි දෙන්නේ. එතකොට ගමේ ඉන්න ඔක්කොමලා එනවා මෙතනට. උයන්නේ පිරිමි අය. එත් ගෑණු අයත් එනවා උදවු කරන්න. ශාස්තර දන්න කෙනෙක් එනව. එයත් මේ ගමේ ඉන්න පැරණිම මනුස්සයෙක්. ඉස්සර මහණ වෙලා ඉදලා තියෙන්නේ. එයා යන්තර, පොඩි ළමයින්ට අසනීපවලට මතුරණවා. ඒ වගේ දේවල් කරනවා. එයා තමයි මේ දානේ දෙයන්ට පූජා කරන්නේ. මොන මොනදෝ කියලා දෙවියන්ට ආරාධනා කරලා තුටු පඩුරු විදියට දෙනවා කියලයි කියන්නේ“
“එතකොට මේ වැව කවුද හදලා තියෙන්නේ?.“
“කියනවා මිස් රාවණා රජ්ජුරුවන්ගේ කාලයේ ඉදලා මේ වැව තිබ්බා කියලා.“
“ ඒ කියන්නේ...?“
“ මිස් ඇහුවට තරහ වෙන්න එපා. ඇයි මේ තරම්ම ඒ ගැන හොයන්නේ.?“
“ නෑ මම දැන ගන්නයි ඇහුවේ... වැවේ තිබ්බ ලස්සන දැකලයි ඇහුවේ. ඉතින් ඔයාත් කිව්වා. මමත් අහගෙන හිටියා. කතාව රසවත් නිසා මම ප්‍රශ්න අහලා කතාව ඉදිරියට අරගෙන ගියා. එච්චරයි“
“මිස් මෙහෙනම් නෙවෙයි.“
“ඔවු. මම කුරුණෑගල.“
“ ඉතින් මෙහෙ...?.“
“ උල්පත්වැව ඉස්කෝලෙට එන අලුත් ටීච් තමයි මම.“
“ අනේ, සොරි මිස්. මම එහෙම ඇහුවට මුකුත් හිතන්න එපා. මෙච්චර ඒ ගැන හොයපු නිසා මම හිතුවා පත්තරයකින්වත් ඇවිත්ද කියලා.“
“ නෑ නැ. මට එහෙනම් ඔයා ඒ රාවනාගේ කතාව කියනවද?. මම කැමතියි ඒ ගැන දැන ගන්න.“
“හරි මිස්, මම එහෙනම් ඒ ගැන හොදටම කියන්නම්කො. මේ ගමේ තියෙනවා තවත් ඓතිහාසික තැනක්. මතක විදියට කියන්නම් මිස්. ගලපිටගල කියලා තැනක්. ඒක ගලක් උඩ ගලක් තියෙන්නේ. හරියට සීගීරිය වගේ.“
“වාවු.... අත්තමද?“
ඔවු. පොඩ්ඩක් අපි යමුකෝ. පාරට පෙනවා ටිකක්. යමු එහෙනම් පෙන්නලාම කියන්නම් ඒගැන.“
මම නොඉවසිල්ලෙන් හිටියේ සීගිරියවගේ එකක් මෙහෙ තියෙනවා කිව්වම. මගේ හිතේ චිත්තරූප මව මවා හිටියේ. හිතුවට වඩා ඉක්මනට අපි එතනට ළගා වුනෙමු. ගම වගේම මේ කතාව කියන මනුස්සයාගේ කතා කියන විදියත් ලස්සනයි.
“ අර පේන්නේ මම කිව්ව ගලපිටගල. මේකට පුංචි සීගිරිය කියලත් කියනවා."
“අනේ ඇත්තටම ඒක නම් හරිම ලස්සනයි. කොහොමද මේවා මෙහෙම තියෙන්නේ කියලත් හිතනවා දැක්කම. ගල් තුනක් එක උඩ තියෙනවා නේද? ඉතින් මිනිස්සු මේ උඩට යන්නේ නැද්ද? යන්න බැරිද?“
මට ඒක දැක්කා ගමන් හිත ව්‍යාකූල විමි. මෙවැනි දර්ශනයන් මීට පෙර මා දැක නොතෑබීම ඊට හේතු වන්නට ඇත. සැබවින්ම එය අලංකාර දර්ශනයක් බව කිව යුතුම ය. ස්වාභාවික පරිසරයන් මෙවැනි ආකාරයට නිර්මාණය වීම ගැන මා සිත තුළ ඇත්තේ පුදුම සහගත වූ හැහීමකි.
“යන්න පුලුවන්. අපි ගිහිනුත් තියෙනවා. හැබැයි තනියම යන්න කවුරුත් බයයි. යනවා නම් පස් හයදෙනෙක් එකතුවෙලයි යන්නෙ“
“ඇයි තනියම යන්නෙ නැත්තේ? හ්ම්ම් අතරමන් වෙනවා ද?“
“නෑ එහෙම වෙලා නම් නෑ. ඒත් සමහර කතා නිසා බයයිලු එහෙම යන්න. ඉතින් අපිත් ගලේ යනකොට සෙට්වෙනවා කල්ලියක්. ඊට පස්සේ ඉතින් යනවා. පේන්නේ ඔය කෑලෑවක්. එහෙම තිබුනට ඇතුලෙන් යන්න පුළුවන්. කැලේට යනකොට කොළ අත්තක් කඩලයි යන්නේ ඉස්සර බෙහෙත් හොයන්න යන අය. අපිත් මොකටත් කියලා එහෙම යනවා. කෝකටත් හොදයිනේ කියලා.“
“මොකක්ද ඉතින් රාවණා කතාව.?“
“ඔවු මිස්. රාවණා රජ්ජුරුවෝ මේ ගල හැංගිලා ඉන්න මෙතැන පාවිච්චි කරා කියලා කියනවා. දෙවැනි ගලෙන් යන්න තියෙනවා උමගයක් තවත් ගල්පොත්තකට. ඒක තමයි අර ඈතින් පෙන්නේ. කට්ටිය කියනවා ඒ ගලෙනුත් උමන්මාර්ගයක් තියෙනවලු මාදුරුඔය පරණ ඩෑම් එක ලගට. එහෙම කියනවා ඉතින්. අපිත් ගලපිටගල තියෙන එ උමගෙට බැහැලා තියෙනවා. උමගයක් වගෙත් පෙනවා. කවුරුත් එවා ඇතුලටම හොයන්න බයයි. සමහර දැකලා තියෙනවා මේ ගල උඩින් ලොකු දේවතා එළි වගේ එළි යනවත්. ඔය කතා නිසා සමහරුන්ගේ එක එක කතා තියෙනවා මිස්.“
“ඉතින් ඇයි බය මිනිස්සු..?“
“මොනවා උනත් මේක ගමක්නේ මිස්. ඉතින් පරණමත තියෙනවා ඉස්සර මත. ඒවා අපිට වෙනස් කරන්න බැහැ එක පාරටම. අනික ඔය පැරණි දේවල් අකුරට ම පිළිපදිනවනේ. අපිටත් එක පාරටම පෙරලියක් කරන්නත් අමරුයි බයයි.ඇත්තටම එහෙම කරන්න කවුරුත් උත්සහ කරන්නේ නෑ. ඒ පැරණි දේවල් ආරක්ෂා කරන්නවා වෙන්නත් පුළුවන්. මේ දේවල් ගොඩ ගත්තොත් වටිනා දේවල් නැතිවෙයි කියන බයත් ඇති සමහර විට. මේ වටා තියෙන ආරක්ෂක ක්‍රියාවන් නිසා ජීවීතේ නැතිවෙයි කියන මේ හැමදේම ඒකට බලපානවා වෙන්නත් පුළුවන්. මේ හැමදේම වටා බැදුනු වළල්ලක් වගේ කිව්වොත් මම හරි.“
“හ්ම්ම් වෙන්නත් පුලුවන්... මේක ගමක්නේ. නේද?“
“ඔව්.“
මේ වගේ ඓතිහාසික වටිනාකම්වලින් පිරුනු භූමියක් වෙතට ආ බවක් මම හීනෙකින්වත් සිතුවේ ද නැත. අනිත් වැදගත්ම කාරණය වන්නේ මෙවැනි පිහිටීමකි. සිගිරිය යම් සේද මෙහි පිහිටී ගල ද එසේ ම ය. ගල් තුනකින් යුත් මෙහි පරිසරයේ ඇති ගස්වැල් තුරුලතා ආදියෙන් පවා එක් කරණුයේ අමුතුම මිහිරියාවකි. එය දකින කාගෙත් සිත් සතන් ප්‍රබෝධමත් කරයි.
මෙවැනි සිදුවීම් අරඹයා මම ආ කරණයද මදකට නැවතුනු බවක් දැනිණි. එදින තරමක් හවස් වනකම්ම මම සිටියේ ත්‍රිරෝද රථකාරයා සමගයි. එම පුද්ගලයා ද මේ ගමේ ම උන් අයෙකු විය. එම නිසා ම මෙවැනි ජනශ්‍රැතික කතාවන් අසන්නට හැකි වීම ගැන මා බෙහෙවින් සතුටු වෙමි. සාම්ප්‍රධායික ජනශ්‍රැතික කතා අද වත්මනවිට තිබීමත් අප අගය කළ යුතුමයි. ඒවා රුකගන්නට මෙවැනිම පිරිසක් සීටීම ගැනත් වචනයක් කිව යුතුමයි.
මට මෙවැනි සිදුවීම් අරභයා මම ගෙදරට කතා කරන්නත් අමතක විණි. මම ඒ මොහොතේදී ම ගෙදරට කතා කරමින් මා පැමිණි බවත් මා හොදින් පාසලේ ගුරු නිවාසය වෙත ලගා වූ බවත් ගෙදරට දැනුම් දුණි. කතා කළ විට දැනගන්නට ලැබුණේ මා බලන්නට ආ මනමාලයන්ගේ නිවැසියන් අප ගෙදරට පැමිණි බවයි. හදිස්සියක් වී මා නිවසින් ගිය බවත් අම්මා ඔවුන්ට දැනුම් දී කා බී නිවසින් පිට වූ බව අම්මාගෙන් මා අසා දැන ගතිමි. ගෙදර දැඩි බල කිරීම මත හෝ මට ඔහුව විවාහ කර ගැනීමට සිදූ වේදැ අනිසි බියක් සිතේ ඇති වුවද ඒ විගසම මට දුරකතන ඇමතුමක් ලැබිණි.
“හෙලෝ, මම අනුරාධ. මේ සසිණි ද?“
“ඔව්.... කවුද මේ?“
“ආ... අපි ඔයාලගේ ගෙදර ගියා. ඒත් ඔයා හිටියේ නැහැනේ. අම්මා කිව්වේ නැද්ද මම ගැන.“
“කිව්වා කිව්වා. මම දන්නේ නෑ ඒ ඔයා කියලා.“
“හ්ම්ම් දැන් දන්නවනේ මම කවුද කියලා. මම නම් ඔයාව දැකලා තියෙනවා.“
“ආ... එහෙමද?
“හ්ම්ම්ම්...... මම කැමතියි ඔයාව මීට් වෙන්න ඔය කැමතිනම් විතරක්.“
“මම නම් ඉන්නේ පොලොන්නරුවේ දැන්“
“ඔව් මම දන්නවා. මම එන්නද?“
“ එපා එන්න. මමත් ආවේ අදනේ. ඉතින් මම ඒ නිසා..... වරදවා තේරුම් ගන්න එපා.“
“ඔහෝ.... හරි හරි.“
අපේ කතාව ටික වෙලාවකින් නැවතින. රාත්‍රී නින්දෙන් පසු මම උදෑසන නගිට තිබූ වැඩ අවසන් කොට වැඩ භාර ගැනීම සදහා පිටත් වුනෙමු. හිතුවට වඩා මට මේ කාලය තුළ මා හාට දුක් විදීමට නම් සිදුවන බව පාසලට ඇතුළුවන විටම මට ප්‍රත්ත්‍යක්ෂ විය. එන හැම අභියෝගයක් ම මම භාරගන්නවා. මොන දේ වුනත් සතුටින් මම මගේ ගමන යන අදහසින් මම උදෑසන අවදි වී පාසල වෙත ගමන් කරමි.
සතිදෙක තුනක් මෙලෙස ගතවන විට මම ඒ පරිසරයට හුරු පුරුදු විය. මාස දෙක තුනකින් එම පරිසරයට මම ආධුනිකයෙක් නොවුණි. මට මගේ නිවස සේ එහි ජීවත්වීමට හැකියාව ලෑබීම ගැන මා සතුටු වුණෙමි. දුෂ්කරතා නම් එමට ය. නමුත් ඒ දෙවල් ගැන සීතීමට මට වේලාවක් නොතිබුණු හෙයින් මම ලැබුණු දෙයක් භාර ගැනීමට සූදනම්ව සිටිමි.
මට ලොකූ අවශ්‍යතාවයක් ආ දිනයේ සිට තිබිණි. ඒ ගලපිටගල නම් වූ ගල්තලාව වෙත නැගීමයි. එහි ඇති සුන්දරත්වය විද ගැනීමටත් මිනිසුන් කියන කතා ඇත්තමද කියා දැනගන්නටත් මට අවශ්‍ය වුවත් ඒ සදහා වෙලාවක් වෙන් කර ගැනීමටත්, ඒ සදහා පිරිසක් එකතු කර ගන්නේ කෙසේද යන ප්‍රශ්න මා සතු විය. කෙසේ හෝ මටත් එම ස්ථාන නැරඹීමට මටද යා යුතුමය. ඉරිදා දිනයක දී පැවරුම් කිහිපයක් බලබලා සිටියදි නොපෙනෙන මානයක දී කවුදෝ පියමන් කරන බවක් දැනුනද කවුද කියා හරියට ම දැනගන්නට මා සමතෙකු නොවීය.
“හායි....“
“හායි, කවුරු හම්බවෙන්නද.“
“මිස් සසිනිව.?“
“ඔව් කියන්න. මම තමයි සසිනි. කවුද ඔයා?“
“සසිනි, මට තමයි අනුරාධ කියන්නේ. සමාවෙන්න මට කියලා එන්න බැරි වුන එකට. මට ඕන වුනා ඔයාව මීට් වෙන්න ඕනේ වුනා. ඉතින් ඔයාට කියලා එන්න හැදුවොත් එපා කියයි කියලා තමයි මම නොකියා අවේ.“
“කතා කර කර හිටියා එළියෙ ඉදලාම එන්නකො ඇතුලට... හොයා ගන්න අමරු වුණාද? පොලොන්නරුවේ කිව්වට පොලොන්නරුවේ නෙවෙයිනේ.“
“හ්ම්ම්ම් නැත්තෙමත් නෑ.“
“මහන්සිද?“
“ නෑ. එහෙනම් අපි ගමනක් යමුද?“
“ඔයත් එක්ක අපායට වුනත් එනවා යන්න එක්කගෙන යනවා නම්.“
මට ඒ කතාවට තනියම ම සිනා ගියෙමි. අනුරධගේ සමහර කතා මගේ ප්‍රශ්න අමතක කරවනවා. අපි මේ ගමනට ගමේ වැසියෙක් ද සහභාගී කරගෙන ගලපිටගල තරණය කරන්නට ගියෙමි. මට මහත් සතුටක් දැනුණුමුත් මේ දැනෙන නිදහස පුදුමාකාර සැහැල්ලුවකි. එය කියන්නට නොහැකි, විදින්නට ම අවශ්‍ය බව කිම වරදක් නොවේ.
සමාප්තයි!.
සනෝජා තරංගනි
HS/2015/1049
MACO 21442
විශේෂවේදී පළමු වසර
ජන සන්නිවේදනය
කැළණිය විශ්වවිද්‍යාලය

No comments:
Post a Comment