Friday, July 6, 2018

දඩුවම් විදින්නේ වැරදි කළ අයම නෙවෙයි.

දඩුවම් විදින්නේ වැරදි කළ අයම නෙවෙයි. 

යුද්ධයෙන් සෙබලුන්ගෙ අත් පා විතරක් නෙවෙයි අහිමි කරේ. දහසක් දරුවන්ගේ තාත්තලා.මේ ලෝකේ කොයි වගේ ද කියලාවත් දන්නෙ නැති, දැකලා නැති අහිංසක දරුවනේ හිත්වල තියෙන අහිංසක බලපොරොත්තු. මේවට වන්දි ගෙවන්නේ වැරදි කරපු අයට වඩා වැරදි නොකරපු අය. හිතන්න... ලෝකයට සහ ලෝකයාට වෛර කරන මේ දරුවන්ගේ හිත් සාධාරන නැද්ද?. ඔවුන් ඉල්ලන්නේ තමන්ට ජීවිතකාලය ම අහිමි කළ ඒ පිය පදවිය. පුලුවන්ද ඔවුන්ට මේ දෙවල් අයේමත් ලබා දෙන්න. පුලුවන්ද?. 

මේ කතාව අහන ඔයාගෙන් මම අහන එක ම සහ අවසාන ම ප්‍රශ්නය තමයි ඒ...

“ ඔයයි මමයි හැමදාමත් කරේ ආදරෙන් වචන එහා මෙහා කර ගත්ත එක නේද?. අපි ඉදිරියට කරන්නෙත් ඒක විතරයි කියල මට හරියට ම කියන්න අමාරුයි පුතේ. හේතුව, ඔයාටත් මටත් අනාගතය ගැන ඔයාට වගේම මටත් කියන්නට බැරි නිසා මිසක් ඔයාත් එක්ක තරහ වෙලා නෙමේයි.  ඔයා මගේ කුසට ඇවීත් අදට හරියට ම මාස හයයි. ඔයා අපිත් එක්ක ජිවත් වෙන්න හිතාගෙන මමත් එක්ක ම හුස්ම ගන්න අපු වෙලාවේ මම විතරක් නෙවෙයි. ඔයාගෙ තාත්තා, අච්චි අම්මා, සියා, මාමා, නැන්දා වගේ ගොඩක් අය ගෙදරට ඇවිත් කන්න බොන්න ගොඩක් දේවල් අරගෙන ආවේ ඔයව බලන්න. පුතේ ඔයට මත්කයිද?. හැමෝම ඔයාව අල්ලලා උම්මා එකක් දීලා ගියා.   

එදා වගේ  සතුටුවන තවත් දවසක් මම දැක්කෙ නෑ පුතේ මේ ජිවිතේ පුරාවට ම. ඔයගේ අප්පච්චිට එදා වැඩට යන්න නියම කරපු දිනය වුනත් ඒ හැම දේට ම වඩා ඔයාවයි එයාට වටිනාම වස්තුව වුනේ මගෙ පැටියෝ. ඔයාව දලා ගියේ නෑ ඔයාගේ අප්පච්චි. ඔයාගේ ලගින්ම ඔයාගෙ සැප දුක බලබලා හිටියා මතක නැද්ද කියන්න. ඔයාට පුංචි ම දුකක්වත් දෙන්නේ නෑ කියලා නේද ඔයාට ඔයාගේ අප්පච්චි කිව්වේ. වාසනාවද අවාසනාවද කියන්න මම දන්නේ නෑ මගේ රත්තරං පුතේ. උබ ලගින් ඉදපු ඉස්සල්ලා ම දවසත් අවසාන දවසත් තමයි පුතේ ඒ.

මතකයි දවසක් කිව්වා ඔයාගේ අප්පච්චි, මට ඕනේ මම වගේ එඩිතර කොලු පැටියෙක් කියලා. ඔයාව එයා දකින්නත් ඉස්සල්ලයි ආදරේ කරන්න පටන්ගත්තේ  මගේ පුතේ. දවසක ඒවී. පුතාව බලන්න. ඒත් ඒ දවස කවදද කියන්න මම දන්න්නේත් නෑ. හැබැයි පුතාව බලන්න අප්පච්චි අනිවාර්යෙන්ම එනවා කියලා නම් දන්නවා. ඒ නිසා බලගෙන ඉන්න. 

දුවේ ඔයා තරහ වෙන්න එපා. අප්පච්චිගේ හිතේ තිබුනා කොන්ඩේ දිග සිගිති දු කෙනෙකුගේ මූණ බලන්නත්. අප්පච්චි දැනගෙන හිටියේ නෑ අයියත් එක්ක ඔයත් හැංගිලා හිටියා කියලා. එහෙම දන්නවා නම් අප්පච්චි කවදාකවත් ම ඔයාලා දෙන්නවයි, මාවයි තනිකරලා යන්නේ නෑ මගේ දරුවෝ. 

 අප්පච්චි වැරදි නෑ. අප්පච්චිට යන්න නොදී තියානොගත්ත මම වැරදි කියල ද දැන් මේ කියන්න හදන්නේ...? හ්ම්ම්. නෑ පුතේ. අයෙමත් එනවා කියලා කිව්ව නිසයි ගිහින් එන්නකො කියලා සමු දුන්නේ. ඒත් එහෙම කිව්ව පුතාලගෙ අප්පච්චි මම බලන්නවත් අවේ නෑ අයේ කවදාකවත් ම. හැම වෙලාවෙ ම අප්පච්චි එන්නේ කවදද කියලා අහලා මගේ හිතත් ඇයි මේ විදියට රිද්දන්නේ මගේ පුතේ. ඒවී දවසක අපි හැමෝ ම බලන්න. එතකොටවත් අප්පච්චිට යන්න නොදී අල්ලගමු මගේ පැටවුනේ.

මේ ලොකේ යුද්දය නැති කරන්න හිතාගෙන දහසක් ජිවිත රැකගන්න ඔයාගෙ අප්පච්චි ජිවීතේම පුජා කරා කියලා අමතක කරන්න එපා. ඒ නිසා රටට වෛර කරන එක නවත්වන්න මගේ රත්තරං පුතේ.  ඔයාලව බලන්න නොඑන නිසා අප්පච්චිටත් හිනෙන්වත් වෛර කරන්න හිතන්නවත් එපා පුතේ. ඔයාලගේ අප්පච්චි රටට කරපු කැපකිරිම් වෙන අප්පච්චිලා කරලා නෑ පුතේ. වෙන අප්පච්චිලා කරලා නෑ...

අප්පච්චි එයි දවසක අපිව බලන්න. එතකල් බලාගෙන ඉමු. තනියට මමත් ඔයාල එක්ක ඉන්නවා කියලා අමතක කරන්න එපා.“

මෙන්න මේ වගේ යුද්දය නිසා ඉපදුණු දරුවන්ගේ, ඉපදෙන්න ඉන්න දරුවන්ට තත්තලා කීදෙනෙක් අහිමි කරලා තියෙනවද. මේ දේවල් පටන්ගත්තේ පුංචි තැනකින් වෙනන පුලුවන්. ඒත් අවසානේ මේ දේවල් ඉවර වෙන්නේ ජීවිතවලින් වන්දී ගෙවලා කියලා මේ තුළින් හොදින් ම පැහැදිලිවන බව මම අමුතුවෙන් ඔබෙන් නොඅසමි. අපෙන් විය යුතු යමක් තිබේ. එනම්, සියලුම ජාතින් එක්ක සහයෝගයෙන් ජීවත් වීමයි. 

ලේ පිපාසවන් වන කිසිදු දෙයක් වීමෙහිලා වගබලා කරුවෝ ද අපි වෙමු.  

14 comments:

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන...

                          සබඳ අපි කඳු නොවෙමු                                       උනුන් පරයා නැගෙන ...             මේ අප ප...